නිධන් ගැනීමට ගිය 12 ක් මාට්ටු

ජන 16, 2019

    නවගත්තේගම තම්මැන්නාවැටියේ නිධන් ගැනීමට ඉපැරණි ස්ථානයක කැනීම් කරමින් සිටි 12 දෙනෙකු පැමිණි වාහන ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    නවගත්තේගම පොලිසියට ලැබුණ තොරතුරක් අනුව රැකවල්ලා සිටියදි මෙම නිධන් කැණීමට පැමිණි සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට හැකි වූ බවත් තවත් දෙදෙනෙකු වැටලිමේදි පලා ගොස් ඇත.

    නිදන් ගැනිමේ අරමුණින් කැනිම් කළ ස්ථානය ඉපැරණි ස්ථානයක් බවත් එහි අඩි 10 ක් පමණ ගැඹුරට සැකකරුවන් කැණිම් සිදුකරමින් සිට ඇති බව පොලිසිය පවසයි .

    අත්අඩංගුවට ගත් සැකරුවන් කොළඹ, කඩුවෙල, ගල්ගමුව, කුරුණැගල, පල්ලම, රඹුක්කන, තඹුත්තේගම යන ප්‍රදේශ වල පදිංචි කරුවන් බවත් මොවුන් කුඩා වෑන් රථයකින් සහ කැබ් රථයකින් නවගත්තේගමට පැමිණ ඇති බවද විමර්ශන වලදි හෙළිව තිබේ.

    Latest News