සීතාවක කර්මාන්ත ශාලා සේවිකාවන් දෙදෙනෙක්ට කොරෝනා

නොවැ 09, 2020

    අවිස්සාවේල්ල,සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක සේවිකාවන් දෙදෙනෙක්ට කොවිඩ්-19 රෝගය වැළඳී තිබේ.

    ඔවුන්ගේ ආශ්‍රිතයන් 60 ‍දෙනෙක් පමණ ස්වයං නිරෝධායනයට ‍යොමු කෙරිණ. ආයතන 26කින් සමන්විත සීතාවක අපනයන සැකසුම් කලාපයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.
    මඩකලපුව ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගීන් 6 දෙනෙක් වාර්තා වීමත් සමග එම ප්‍රදේශය විෂබීජානුහරණය කෙරිණ. රෝගය පිළිබඳව පොලීසිය ජනතාව දැනුවත් කරමින් සිටියි.

    අනුරාධපුරය නගරය ආශ්‍රිතව රැඳී සිටි යාචකයෙකුට ද කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබේ.  ඒ අනූව එම නගරයේ රැදී සිටි යාචකයින් 81 දෙනෙක් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනිණ. 

    Latest News