ඊයේ (19) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,867 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.
අද (20) දින උදෑසන 6.00 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 316 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
අද උදෑසන වනවිට, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් 30,000 ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.
අද උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයින් අතරින් දෙදෙනෙකු වයස අවුරුදු 27 සහ 59 කාන්තාවන් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 70 සහ 86 පිරිමි පුද්ගලයින් වේ.
ඔවුන් කොළඹ 15, කොළඹ 10, කළුතර පොකුණු විට සහ කළුතර හල්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 73 ක් දක්වා ඉහළ ගොස් ඇත.