රාගම රෝහලෙන් පැනගිය මහර රැඳවියා අත්අඩංගුවට (UPDATE)

දෙසැ 03, 2020

    update-රාගම රෝහලෙන් පැන ගිය මහර බන්ධනාගාර රැඳවුවා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මහර රැඳවියෙක් රාගම රෝහලෙන් පැන ගිහින් -  (7.30)

    මහර බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වයෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු පලා ගොස් තිබේ.

    රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ශෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රී ඔහු පලා ගොස් ඇති බවයි.

    අදාළ රැඳවියාට කොරෝනා ආසාදිත දැයි පරීක්ෂා කිරීම සඳහා PCR පරීක්ෂණ සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵල ලැබීමට නියමිත බව ද අධ්‍යක්ෂවරයා පැවසීය.

    ඔහු ප්‍රකාශ කළේ, මේ වනවිට මහර බන්ධනාගාර රැඳවියන් 14 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 දෙසැම්බර් 2020 10:23

    Latest News