එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයෙක් වෙයි. ඉතිරි පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.
හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 295ක් ලෙසයි. ඊට අමතරව ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 87ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51ක් ලෙස වාර්තා වෙයි.
ගතවූ පැය 24 තුල මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 24,318ක් වෙයි. ඉන් පුද්ගලයින් 17,052ක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර 3,059ක් වන අතර පෑලියගොඩ මාළු වෙළෙඳපළේ පොකුර 21,259ක් වෙයි.
ඊයේ දිනය වන විට මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 27,876ක් වන අතර ඉන් පුද්ගලයින් 20,459ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (06) දින වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 7,277ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.
අද උදෑසන 6.00 වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 370ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
අද දින උදෑසන වන විට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් මග්ගොණ,කහතුඩුව හා කෝට්ටේ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. ඒ අනූව, අද දින උදෑසන වන විට ශ්‍රී ලංකාව තුළින් කොව්ඩ්-19 ආසාදිත සම්පූර්ණ මරණ සංඛ්‍යාව 140ක් දක්වා ඉහළ ගොස් තිබේ.