කටාර් හා සවුදි සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

දෙසැ 07, 2020

    අද උදෑසන (07) කටාර් සිට පුද්ගලයින් 50ක් හා සවුදි අරාබියේ සිට පුද්ගලයින් 52ක් මෙරටට පැමිණ තිබේ.

    එමෙන්ම පකිස්තානයේ සිට පුද්ගලයෙක් හා මාලදිවයිනේ සිට පුද්ගලයින් 44ක් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.


    එසේ පැමිණෙන සියළු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

    අද දිනයේ දී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 67ක් තුළ පුද්ගලයින් 6,879ක් නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (06) දිනය තුල පීසීආර් පරීක්ෂණ 14,125ක් සිදුකිරීමට නියමිතයි.

    Latest News