ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකළ නඩුවට දින නියම වෙයි

දෙසැ 10, 2020

    ඉස්ලාම් ජාතිකයින්ගේ ආගමික විශ්වාසයන්ට නින්දා වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවක් පෙබරවාරි මස පෙබරවාරි මස මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව ඉකුත් මස 24 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණා.

    නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් කොළඹ මහාධිකරණ බලප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් වශයෙන් නම් කර තිබීම හේතුවෙන් එදින අධිකරණ කටයුතු පැවැත්වුණේ නැහැ.

    ඒ අනුව අදාළ නඩුව පෙබරවාරි මස 11 වනදා නැවත කැඳවන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

    2016 වසරේ නොවැම්බර් මස 01 වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 11 වන දා අතර කාලසීමාව තුළ කූරගල රජමහා විහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ ප්‍රකාශයක් තුලින් ඉස්ලාම් ජාතිකයින් ගේ ආගමික විශ්වාසයන්ට නින්දා වන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා.

    Latest News