චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන වෙත ලිපියක් යොමු කරමින් මෙම වාර්තාව ඉල්ලා සිටි බව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා කියා සිටියේය.
චීනයේ නිෂ්පාදිත එන්නත සාර්ථක නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මත රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් එන්නත ලබා ගැනීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
කෙසේ වෙතත් ලෝකයේ රටවල් රැසක් එන්නත් නිෂ්පාදනය කරන අතර එම එන්නත්වල සාර්ථක භාවය පිළිබඳව විද්වතුන් කැඳවා අද (14 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ තීරණය කර ඇත.