Made in Sri Lanka' වැඩපිළිවෙළ ජනගත වෙයි

දෙසැ 16, 2020

    'Made in Sri Lanka' වැඩපිළිවෙළ 2020 දෙසැම්බර් 15 වැනිදා සවස 7:00ට සුබ මොහොතින් ජනගත විය.

    කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් එය දියත් කරනු ලැබේ.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කෙරුමට කර්මාන්ත අමාත්‍ය විමල් මහතාගේ සංකල්පයකට අනුව ස්වදේශීය ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණින් මෙය ක්‍රියාවට නැංවේ.

    ඒ සුවිශේෂ අවස්ථාව ඊ‍යේ කොළඹ ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රය තුළ නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙහිදී Made in Sri Lanka සන්නාමය, වෙබ් අඩවිය හා තේමා ගීතය ද එළි දැක්විණි.

    මෙහිදී ස්වදේශීක ව්‍යවසායකයන් 10 දෙනකුගේ දේශීය නිෂ්පාදන සඳහා Made in Sri Lanka සන්නාමය ලබා දීම ද සිදු කරමින් එම කටයුත්ත අද සිට ඇරඹිණි. ඉදිරියේදී මෙම වැඩපිළිවෙල සමග බැදුනු තවත් ව්‍යාපෘති රැසක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

    මෙම අවස්ථාවට බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

    Latest News