බස්නාහිරට - දකුණ - සබරගමුව මි.මි 100 ඉක්මවූ වැසි

දෙසැ 24, 2020

    උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද ප්‍රදේශවල පවතින වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද දිනයේදී උතුරු, නැගෙනහිර, උතුරු-මැද, සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    අද දිනයේ සෙසු ප්‍රදේශවල සවස 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තදවැසි ද ඇතිවිය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    Latest News