අයිස් මත් කුඩු සමග සැකකරුවන් 2ක් දැලේ

දෙසැ 27, 2020

    පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ස්ථාන දෙකෙකදී කල වැටලීම්වලදී අයිස් මත් කුඩු තොගයක් සමග සැකකරුවන් 2ක් ඊ‍යේ අත්අඩංගුවට ගෙන තිබේ.

    මුන්දලම-පුලිච්චාකුලම ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව තිබී අයිස් මත් කුඩු 01 යි මි.ග්‍රෑම් 540 ක් විසින් සොයා ගෙන ඇත. මත්ද්‍රව්‍ය සමඟ අවුරුදු 40ක ව්‍යාපාරිකයෙක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්අත්අඩංගුවට ගෙන තිබුණි.

    සැකකරු බත්තුළුඔය-තාරවිල්ලුව පදිංචිකරුවෙකි. ඔහු සතුව තිබූ මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සහ අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා උඩප්පුව පොලීසියට බාර දී ඇත. . අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් ලද තොරතුරු මත දෙවැනි වැටලීම සිදු ආණමඩුව-ආඩිගම-වැටිය ප්‍රදේශයේ නිවසක් තුළ සගවා තිබූ අයිස් මත් කුඩු ග්‍රෑම් 440 ක් එම වැටලීමේදී සොයා ගෙන ඇත.

    සැකකරු අවුරුදු 50 ක් වන අයෙකි. එම සැකකරු කාලයක් තිස්සේ මත්කුඩු ගෙනවිත් අලවි කිරීම සිදු කර ඇති බවට වැඩිදුරටත් කරන ලද විමර්ශනවලදී හෙලිවී ඇත. ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් සැකකරු මත් කුඩු ජාවාරම සිදු කර ඇති බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.

    අයිස් මත් කුඩු තොගය අලෙවිකර ලක්ෂ 40 ආසන්න මුදලක් ඉපයීමට හැකි බව සැකකරු පොලීසයට පවසා තිබේ.

    Latest News