ප්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතාගේ අවසන් කටයුතු හෙට (30)

දෙසැ 29, 2020

    දිර්ඝ කලක් රෝගතුරව සිටි ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතා මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අභාවප්ප්‍රාප්තවී ඇත.

    ඔහු මියයන විට 73 වන වියෙහි පසුවිය.

    1980 දශකයේ ගායන කේෂත්‍රයට පිවිසි ඔහු 90 දශකය තුළ ජනප්‍රිය තරුවක් විය.

    මහ සයුරේ ගැඹුරු දියේ, මේ දෙව් මැදුරේ, අවන්හලක ඉපදී මා මිය යනවා නම් ආදි ගී මෙරට ජනතාවගේ අතිහය ජනාදරයට පාත්‍ර විය.

    දේහය මේ වනවිට මිගමුව ජුඩ් මාවතේ ඔහුගේ නිවසේ තරන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (30) පස්වරුවේ සිදුකිරීමට නියමිති.

    Latest News