1000 වර්ජනය යළි අවදිවෙයි

ජන 23, 2019

    තම දෛනික මුලික වැටුප රු 1000 වැඩි කරදෙන ලෙස ඉල්ලා හැටන්, බගවන්තලාව යන තේ වතු කම්කරුවන් යළි අද (23) දින වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

    වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම මෙතෙක් ක්‍රියාත්ම නොවිම හේතුවෙන් මෙම වැඩ වර්ජනයේ නිරත වන බව  උද්ඝෝෂනයේ නියැලි වතු කම්කරුවන් කියා සිටී. බගවන්තලාව නගරයට පිවිසි වතුකම්කරුවන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය ද අවහිර කරමින් උද්ඝෝෂනයේ නියැලි සිටියා.

    වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය , වතු එකාබද්ධ වෘත්තිය සමිති සහ රජය අතර අවස්තා කිහිපයකම පැවති සාකච්ඡා වලදි වතු හාම්පුතුන්ගේ සංගමය අවධාරණය කර  ඇත්තේ දැනට වතු කම්කරුවෙකුට දිනක මුලික වැටුප වශයෙන් ගෙවන රු 530 වැටුප රු 600 දක්වා වැඩි කිරිමට හැකි බවත්, වසරකට රු 25 බැගින් ඉදිරි වසර තුනක් ඇතුලත වතු කම්කරුවෙකුගේ මුලික වැටුප රු 675 දක්වා වැඩි කිරිමට හැකි බවයි. එම යෝජනාව එම සාකච්ඡාවට සහභාගි වු වතු එකාබද්ධ වෘත්තිය සමිති මගින් ප්‍රතික්ෂේප කර ඇත.

    Last modified on බදාදා, 23 ජනවාරි 2019 11:33

    Latest News