UL 218 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 50 දෙනෙක් සහ UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 82 දෙනෙක් ද මෙරටට පැමිණියේය.
එසේම, අද (06) දිනය තුළ UL 1042 මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 22 දෙනෙක්, UL 190 දරණ මගී ගුවන් යානය මගින් බංගලාදේශයේ සිට පුද්ගලයින් 18 දෙනෙක්, UL 303 දරණ මගී ගුවන් යානය මගින් සිංගප්පුරුවේ සිට පුද්ගලයින් 10 දෙනෙකු සහ UL 881 දරණ මගී ගුවන් යානය මගින් චීනයේ සිට පුද්ගලයින් 09 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව තිබේ.
එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.
අද (06) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 75ක් තුළ පුද්ගලයින් 5,037 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.
ඊයේ (05) දිනය තුල PCR පරික්ෂණ 10,774ක් සිදුකර ඇත.