හංවැල්ලේ හිමි ඝාතනයට සම්බන්ධ තවත් 4ක් අත්අඩංගුවට

ජන 07, 2021

    හංවැල්ල තුන්මෝදර ආරන්‍ය සේනාසනයක හිමිනමක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 04 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    මිරිහාන විශේෂ විමර්ශන ඒකකය සහ හංවැල්ල පොලීසිය විසින් සිදු කළ විමර්ශනයේදී ඊයේ (06) දිනයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    ඒ අනූව මේ වනවිට සිද්ධියට අදාළව කාන්තාවක් ඇතුලු සැකකරුවන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News