සෝමාවතී මාර්ගයද ස්ථාන කිහිපයකදී ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. කවුඩුල්ල, මින්නේරිය සහ ගිරිතලේ යන ජලාශද වාන් දැමීමට ආසන්න වී තිබෙනවා.
මේ අතර, උතුරු පළාතටද ඇදහැලෙමින් පවතින තද වැසි හේතුවෙන් පදවිය වැවේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ.
පහත් බිම්වල සිටින ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
උතුරු පළාතේ කුඩා වැව් සියල්ල අධික වැසි සමඟ පිරී ගොස් ඇති බවද අප වාර්තාකරුවන් සඳහන් කරයි.