නීතිඥවරුන් 150ක් පොලිස් සේවයට බඳවා ගැනීමට පියවර

ජන 11, 2021

    නීතිඥවරුන් 150 දෙනෙක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

    අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව ඔවුන් සේවයට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ සිදුකිරීමට නියමිතය. මහජනතාවට නීතිය සමීප කරවීම හා පොලීසිය මගින් ලබාදෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කිරීම එහි අරමුණ බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

    පසුව ඔවුන් පොලිස් සේවයට බඳවා ගැනීමට නිමිත අතර ඔවුන් සතුව පවතින දක්ෂතාවය අනුව උසස්වීම් ලබාදීමට නියමිත බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කරයි. එලෙස බඳවා ගන්නා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකම් ලෙස සැලකේ.

    තාක්ෂණය පිළිබදව දැනුම ඔවුන්ට පැවතීම අවශ්‍ය වන අතර අදාළ පුහුණුවීම් නිමවීමෙන් අනතුරුව ඔවුන්ව සේවා අවශ්‍යතාවයන් අනුව අනුයුක්ත කිරීමට නියමිතව තිබේ.

    අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන ඇත.

    Latest News