මේ වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,675 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
අද (13) දින උදෑසන 6.00 වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 530ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයින් කොළඹ 13, හංවැල්ල, මාතලේ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ.
ඒ අනුව, මෙරටින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 244 ක් දක්වා ඉහළ ගොස් ඇත.