ගුවන් තොටුපළේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම මෙහි අරමුණයි. ගුවන් භාණ්ඩ ලෙස සහ ගමන් මළුවල රහසිගතව රැගෙන යා හැකි පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ආදිය පහසුවෙන් හඳුනා ගැනීමට හැකි පරිදි විශේෂ හැකියාව ඇති සුනඛයින් 20 දෙනෙක් පුහුණු කර තිබේ. ඒ, ශ්‍රී ලංකා පොලිස් පුහුණු පාසලේදී. මෙම සුනඛයින් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් සත්‍ය නියැදි යොදා ගනිමින් පවත්වන ලද ප්‍රායෝගික පරීක්ෂණයකට ද ලක්කර තිබේ.
සුනඛ කණ්ඩායම ආරක්ෂක පුහුණුව නිමකර විසිරයාමේ උත්සවය කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පසුගියදා පැවැත්විණ.