මින් පෙර සමස්ත මිල දර්ශකයේ වැඩිම අගය වාර්තා වී තිබුණේ 2011 වසරේදී. කොළඹ කොටස් වෙළෙඳපොළ මේ වසරේ ලොව ඉහළතම වර්ධනයක් පෙන්නුම් කරන දෙවැනි කොටස් වෙළෙඳ පොළ ලෙස අන්තර් ජාතික ශ්‍රේනිගත කිරීම් මගින් තහවුරු කර තිබේ.
සමස්ත මිල දර්ශකයේ අගය අද දිනයේ වාර්තා වුයේ 7,922.66ක් ලෙස. එය, පෙර දිනට වඩා ඒකක 188ක එනම්, 2.43% වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එස් ඇන්ඩ් පී එස් එල් 20 කොටස් මිල දර්ශකයේ අගය වාර්තා වුයේ 3,008.66ක් ලෙස. එය ඒකක 105ක එනම් 3.64%ක වර්ධනයක් පෙන්නුම් කළේය.
අද දිනයේ ගනුදෙණු වූ කොටස් ප්‍රමාණය පනස් කෝටි 63න් ලක්ෂයකට අධිකයි. සමස්ත පිරිවැටුම රුපියල් කෝටි 1,218 ඉක්මවා ගියේය. කොළඹ කොටස් වෙළෙඳපොළ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමඟ එය අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ.
බ්ලූම්බර්ග් ආයතනය පසුගිය සතියේ නිකුත් කළ ශ්‍රේණිගත කිරීම් අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ලොව ඉහළතම වර්ධනයක් පෙන්නුම් කරන දෙවැනි කොටස් වෙළෙඳපොළ ලෙස වාර්තාගතවේ.