මෙම ගංජා හෙනේ උස අඩි තුනකට ආසන්න උසකින් සරුවට වගා කර තිබූ ගංජා ගස් තුන්දහසකට වඩා තිබී ඇති අතර එවායේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට අධික බව පොලිසිය පැවසීය.
වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්රියාත්මක බව තණමල්විල පොලිසිය සදහන් කළේය.
ගංජා හෙනෙහි තිබූ සියලුම ගංජා ගස් පොලිසිය විසින් ගිනිතබා විනාශ කර ඇති අතර තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.