මෙහිදී රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන නිරෝධායන ක්‍රමවේද අනුගමනය කිරීම පරික්ෂා කෙරෙන අතර බස්නාහිර පළාතේ හඳිසි ඇන්ටිජන් පරික්ෂාවන් සිදු කෙරෙන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.
තවද මාළු වෙළඳ සැල්, මාළු ලෑලි, එළවළු වෙලඳ සැල්, විවෘත අලෙවිසැල් ද පරික්ෂා කෙරෙන අතර බස්නාහිර පළාතෙන් පිටවන බස් රථ සඳහා ද ඇන්ටිජන් පරික්ෂා කිරීම සිදු කෙරේ.
ශ්‍රී ලංකා පොලීසිය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙම මෙහෙයුම් සඳහා දායක වෙයි.