මෙම එන්නත් තොගය ලබන මස මැද බාගයේ දී ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගන්නා බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි. චීනයේ ජාතික ඖෂධ සමූහ සමාගම හෙවත් සිනෝ ෆාම් සමාගම එය නිපදවා තිබේ.
මෙමගින් කොවිඩ් 19 රෝගය වැළැක්වීමට 79%ත් 86%ත් අතර ප්රතිඵලදායකත්වයක් පෙන්වන බවයි, පැවසෙන්නේ. එමෙන්ම, ප්‍රතිදේහවල බලය 99.52%ක ප්‍රමාණයකින් උදාසීන කිරීමට එමගින් හැකියාව ලැබෙයි.
විශේෂත්වය වන්නේ සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වය එනම්, සෙල්සියස් අංශක 2ත් 8ත් අතර පහසුවෙන් ගබඩා කළ හැකිවීමයි. ජනවාරි 26 වැනිදා වන විට මෙම සිනෝ ෆාම් එන්නත ලොව මිලියන 2කට අධික ජනතාවට ලබාදී තිබේ.
සහයෝගීතාව වර්ධනය කරමින් ශ්‍රී ලංකාවට චීනයේ ඇති කැපවීම යළි අවධාරණය කිරීමේ අරමුනින් පරිත්‍යාගය සිදු කරන බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසන්නේ.