අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායක මහතාට ඉකුත් දොළොස් වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළේය.
එම දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙස ද රන්ජන් රාමනායක මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසම මගින් ඉල්ලා තිබේ.
නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මගින් මෙම මෝසම ඉදිරිපත් කෙරුණු අතර ඒ සමග දිවුරුම් පෙත්සම් සහ අදාළ ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කර ඇත.