සැලසිනේ හිටපු සභාපතිගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 11

පෙබ 03, 2021

    සැලසිනෙ ආයතනයට අයත් රුපියල් එක්කෝටි 19 ලක්ෂයකට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි සැක කෙරෙන එම ආයතනයේ හිටපු සභාපති ප්‍රදීප් උදයකුමාර එදිරිසිංහ මහතා ලබන 11 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා එම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 11 වන දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා.

    එතෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියම කළේ

    2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ සැලසීනේ ආයතනයට අයත් රුපියල් එක්කෝටි දහ නව ලක්ෂයකට අධික මුදලක් එම ආයතනයේ සුබසාධන අරමුදලට බැර කර සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් අදාළ ආයතනයේ හිටපු සභාපති ප්‍රදීප් උදය කුමාර එදිරිසිංහ මහතාට එරෙහිව ඉකුත් රජය සමයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.

    Latest News