නීතිපතිවරයා පාස්කු කොමිසමේ වාර්තාවක් ඉල්ලයි

පෙබ 12, 2021

    පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ සැකකරුවන්ට චෝදනා ඉදිරිපත් කිරීම සඳහා පාස්කු කොමිසමේ වාර්තාවක් ලබාදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා විසින් ඉල්ලීමක් කර ඇත.

    නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රජයේ නිතිඥ නිෂාරා ජයරත්න පැවසුවේ වාර්තාවේ පිටපතක් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති බවයි.

    මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සලකා බැලීම සඳහා මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව ඇය පැවසුවාය.

    2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ අවසාන වාර්තාව 2021 පෙබරවාරි 1 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදී.

    Latest News