මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව අදාළ විභාගයට හා සම්බන්ධ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පළ කිරීම ද ලබන 23 වැනිදා සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම තහනම කඩ කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.