සා.පෙළ පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට

පෙබ 17, 2021

    මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට යොමු කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    කොළඹ හා ශ්‍රී ජයවර්ධපුර අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන්ට එම විභාග ප්‍රවේශ පත්‍ර අද දිනයේ විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවට පැමිණ ලබා ගත හැකි බවයි,විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ,

    පෞද්ගලික අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අද තැපෑලට යොමු කෙරෙනු ඇති.

    පත්‍ර සම්බන්ධ යම් ගැටලුවක් වෙත්නම් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව අමතා විසඳුම් ලබා ගත හැකියි.

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 01 වැනිදා සිට 10 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4,513 කදී පැවැත්වීමට නියමිතය.

    ඊට පෙනී සිටින අයැදුම්කරුවන් සංඛ්‍යාව 622,352 ක්.

    Latest News