විජය කුමාරතුංගයන්ගේ 33වැනි ගුණානුස්මරණය

පෙබ 21, 2021

    ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ දිවංගත විජය කුමාරතුංග මහතාගේ 33වැනි ගුණානුස්මරණ  උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේ දී අද (21) පස්වරුවේ පැවැත්විණි.

    විජය කුමාරතුංග මහතාගේ 33වැනි ගුණසැමරුම් දෙසුම පැවත්වූයේ ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ හිටපු මහ ලේකම් ඩීව් ගුණසේකර මහතාය.

    "විජය කුමාරතුංග මහතා සමීපව ඇසුරුකළ අයෙකු ලෙස මම එතුමාගෙන් දුටු විශේෂ ලකෂණය තමයි එතුමා තුළ පැවති නොබැඳි විදේශ ප්‍රතිපත්තිය සහ ජාතික සමගිය. මේ කාරණාවල දී විජය ඉතා දැඩිව නොසෙල්වී සිය මතය වෙනුවෙන් පෙනී සිටියා. ඒ හේතුව නිසාම ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා කරන්නට කඳවුරු වෙත යාමට තරම් ශක්තියක් එතුමාට තිබුණා යැයි ඩීව් ගුණසේකර මහතා පැවසීය.

    මෙම අවස්ථාව සඳහා ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල, මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ, සමාජවාදී ජනතා පෙරමුණේ ලේකම් වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, ශ්‍රී ලංකා මහජන පකෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න ඇතුළු දේශපාලන නායකයන් සහ පක්ෂ සාමාජිකයින්, කලාකරුවන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    Latest News