ගෙවුනු දවසේ වැඩිම ආසාදිතයින් රත්නපුරයෙන්

පෙබ 28, 2021

    ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 460 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් 35 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. ඉතිරි පුද්ගලයින් 425 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.

    හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 62ක් ලෙසයි.

    ඊට අමතරව යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 59ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51ක් ලෙස වාර්තා වෙයි. අනෙක් ආසාදිතයින් 253 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙයි.

    Last modified on ඉරිදා, 28 පෙබරවාරි 2021 16:08

    Latest News