ඉන්දියානු ගුවන් හමුදාධිපති ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

මාර් 04, 2021

    ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං භාධූරියා (Rakesh Kumar Singh Bhadauria) මහතා අද (04) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

    නාවික හමුදා මූලස්ථානය වෙත පිවිසි ඉන්දියානු ගුවන් හමුදාධිපතිතුමන්, බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන විසින් නාවික හමුදා මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කළ අතර, සම්ප්‍රධායානුකූල නාවික හමුදා සම්මාන ආචාර මුරයක් පිරිනැමීමෙන් අනතුරුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදාධිපතිතුමන් වෙත නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය හඳුන්වාදීමට කටයුතු කෙරිණි.

    මෙම නිල හමුවේදී නාවික හමුදාධිපතිතුමන් සහ ඉන්දීය ගුවන් ‍හමුදා ප්‍රධානි අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව පැවති සුහද පිළිසඳරකින් අනතුරුව, නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

    Latest News