පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනවාරි මාසයේ දී ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය ඒ අනුව පළමු අන්තර් අමාත්‍ය සාකච්ඡාව ඊයේ දින (04) පරිසර අමාත්‍යංශයේ දී පැවැත්විනි.
මෙම අන්තර් අමාත්‍ය සම්බන්ධීකරණ වැඩසටහනට පරිසර අමාත්‍යංශය, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යංශය, ජලසම්පාදන අමාත්‍යංශය, වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂීත වැඩ පිළිවෙළ හා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා අමාත්‍යංශ එක් වී තිබේ.
ඒ අනුව අදාල අමාත්‍යංශ බාර අමාත්‍යවරුන්වන වන මහින්ද අමරවීර, ආචාර්ය නාළක ගොඩහේවා, වාසුදේව නානායක්කාර, විමලවීර දිසානායක යන අමාත්‍යවරුන් ද, අමාත්‍යංශ ලේකම්වරුන් වන වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ බන්ධුල හරිස්චන්ද්‍ර මහත්වරු ද සහභාගි වුහ.
මෙහිදී සාකච්ඡා කරන ලද කරුණු අතර මෑතක සිට මාධ්‍ය මගින් හෙළිදරව් කරන වන විනාශයන්, හා විශේෂයෙන් මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණය වැඩ පිළීවෙළ ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. එහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ පරිසරය විනාශ කිරීම් පිළිබඳව කතිකාව මේ වනවිට රජය හා ජනාධිපතිතුමන් ඉළක්ක කරමින් දියත් කර තිබෙන ප්රචාරක වැඩ පිළිවෙළක් දක්වා පුළුල් වී ඇති බවයි. ජනාධීපතිතුමා කිසිදු අවස්ථාවක කැළෑකැපීමට කිසිදු පාර්ශ්වයකට උපදෙස් දී නැත. නමුත් ග්‍රාමීය අංශයේ ඇතැම් ගොවින් තමන් වගා කළ ඉඩම් නැවත ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම් සළකා බලා එම ඉඩම් නැවත වගා කිරීම සඳහා අහිංසක ගොවීන්ට ලබා දීමට කටයුතු කරන ලෙස උපදෙස් දී තිබේ. එමෙන්ම වනාන්තර හා පරිසරය විනාශ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව ඝෘජුවම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය ආචාර්ය නාළක ගොඩහේවා මහතා කියා සිටියේ මුතුරාජවෙල සංරක්ෂණය කර එය රැම්සාර් තෙත්බිමක් දක්වා සංරක්ෂණය කර නැවත වනජීවි අමාත්‍යංශයට බාර දෙන බවයි. 1990 හෙක්ටෙයාර් 3060ක් වු මුතුරාජවෙළ මේ වනවිට විවිධ පුද්ගලයින් අත්පත් කර ගැනීම නිසා හෙක්ටෙයාර් 1200ක් දක්වා අවම වී තිබේ.
රජය මෙම තෙත්බිම නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගෙන සංරක්ෂණය කිරීමට තීරණය කළේ අන් කිසිවක් නිසා නොව දැනට මෙහි ඇතැම් ඉඩම් පවරා ගැනීමට සිදුවන නිසා ඊට කඩිනමින් මුදල් ගෙවීමේ හැකියාවක් වනජීවි දෙපාර්තමේන්තුවට හෝ එම අමාත්‍යංශයට නොමැති නිසාය. එමෙන්ම මෙම පරිසර පද්ධතිය සංරක්ෂණය කිරිමේ තාක්ෂණය හා හැකියාව ඇති ආයතන දෙකම තම අමාත්‍යංශය සතුව පවතින බව ද හෙතෙම කීය.
දැනට එක්තරා පුද්ගලික සමාගමක් මෙහි ඉඩම් අත්පත් කරගෙන සිටියත් එම ඉඩම් සියල්ලම නැවතත් රජයට පවාරගෙන මුතුරාජවෙල තෙත්බිම් කලාපයට ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ එම පුද්ගලික සමාගම මෙහි වෙඩි පිටි, ගොල්ෆ් පිටි හා හෝටල් ආරම්භ කිරීමට සැලසුම් කර සිටියත් ඒ කිසිවකට අවසර නොදෙන බවයි. එම සමාගම මුතුරාජවෙළ තෙත්බිමට විශාල අනතුරක් කර ඇති බවද අමාත්‍යවරයා කීය. රජය විසින් ඔවුන් අත්පත් කර ගෙන තිබෙන අක්කර 700 නැවත පවරා ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමනිසා මුතුරාජවෙළ තෙත්බිම තුළ කිසිදු නව ඉදිකිරීමක් සිදු නොකෙරන අතර මෙම තෙත් බිම සංරක්ෂණය කර විශේෂයෙන් රැම්සාර් තෙත්බිමක් වශයෙන් මතුපරපුරට දායාද කිරීම රජයේ ස්ථාවරය වේ. ලෝකයේ පළමු රැම්සාර් තෙත්බිම් නගරය ලෙස කොළඹ නගරය නම් කරන ලද්දේ වත්මන් ජනාධිපතිතුමා එවකට ආරක්ෂක ලේකම්වරයාව ව සිටියදී කොළඹ නගරය සංවර්ධනය සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග නිසා බව ද මෙහිදී අමාත්‍යවරු අවධාරණය කළේය.