පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට එක්වෙයි

මාර් 09, 2021

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය www.slwpc.org අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ අන්තර්ජාලයට එක් කෙරිණ.

    ජාත්‍යන්තර කාන්තා දිනය 2021ට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය මෙම නිල වෙබ් අඩවිය එළි දක්වා තිබේ.

    පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 01හි දී පැවති මෙම උත්සව අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද එක්වූයේය.

    සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු එම සංසදයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙබ් අඩවිය එළි දක්වන අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 09 මාර්තු 2021 12:42

    Latest News