රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, නඩු පැවරීමේ කටයුත්ත සිදු කරනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් බවත්, එම කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් ඇතුළු පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් සොයා ලබන පාර්ලිමේන්තු අනුකමිටුවට කිසිඳු බලයක් නොමැති බවත්, නීතිපති දෙපාර්තමේන්තුව කඩිනමින් නඩු පැවරීමේ කටයුතු සිදුකරනු ඇති බවත්ය.
පාස්කු වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු කමිටුව පත් කරනු ලැබුවේ නැවත මෙවැනි තත්වයන් ඇති නොවීම සඳහා කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට බවත්, තමන්ද ඇතුළත් එම කමිටුව මගින් මේ වන විට ඉදිරියට මෙවැනි තත්වයක් ඇති නොවීමට කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවත්, රමේෂ් පතිරණ මහතා තවදුරටත් පැවසීය.