අගමැතිතුමාගේ උපදෙස් පරිදි කතරගම පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

මාර් 25, 2021

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි කතරගම පූජා භූමිය සංවර්ධනය ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ.

    "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ පූජා භූමි සංවර්ධනය කෙරේ. ව්‍යාපෘතිය යටතේ කතරගම පූජා භූමිය හා වන්දනාකරුවන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ. ව්‍යාපෘති 19ක් යටතේ ප්‍රදේශය සංවර්ධනය කිරීමට යෝජිතයි.

    එහි දෙවන අදියර යටතේ ඇවිදින මංතීරුවක් ද ඉදි කෙරේ. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 120ක්. දුටුගැමුණු රජ දවස ඉදිවූවක් ලෙස සැලකෙන දුටුවැව ප්‍රතිසංස්කරණයට ද කටයුතු කෙරේ.

    1947 වසරේදී අවසන්වරට දුටුවැව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු, වැව ප්‍රතිසංස්කරණය කෙරෙන පළමු අවස්ථාව මෙයයි. කතරගම ආශ්‍රිත භූමිය හරිත ප්‍රදේශයක් ලෙස සංවර්ධනය වන අතර, වන්දනාකරුවන්ට ප්‍රමාණවත් ලෙස විවේක සහ ආධ්‍යාත්මික පහසුකම් සැපයීම වැඩසටහනේ තවත් අරමුණක්.

    ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 200ක්. ව්‍යාපෘතිය 2030 වසරේදී අවසන් කිරීමට නියමිතයි.

    Latest News