නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තු මන් මධුර විතානගේ මහතාගේ යෝජනාවකට අදහස් දක්වමින් අධ්යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ මේවන විට කෝට්ටේ මහනගර සභාව, ගම්පහ සහ කලුතර ප්‍රදේශීය සභා සදහා මෙය නියමු ව්‍යපෘතියක් ලෙස ආරම්භකර ඇති බවයි.
ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
මෙම නියමු ව්‍යපෘතිය සදහා සියලු තාක්ෂණික පහසුකම් ඇතුළු ප්‍රතිපාදන සැපයයීමට කටයුතු කර ඇති බවත් අදාළ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාකොට ඔවුන්ගේ අවශ්‍යතාද සළකා බලා සියලු පලාත් පාලන ආයතනවලට ඉදිරියේදී මෙම ව්‍යපෘතිය හදුන්වාදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
සැලසුම් අනුමත කිරීමේදී පළාත් පාලන ආයතනවල එකිනෙකට වෙනස් සැලසුම් අයදුම්පත් ආකෘතින් පවතින බැවින් සියලු පළාත් පාලන ආයතන සදහා එකම ආකෘතියක් හදුන්වාදීමේ අවශ්‍යතාවය පිළිබදව ද කමිටුවේ අවධානය යොමුවිය.
එසේම නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන සැලසුම් අනුමත කිරීමේදී අයදුම්කරු අපහසුතාවයට පත්නොවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතන 17ක් ඒකාබද්ධ කොට ඔන්ලයින් හරහා අයදුම් කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙන බවත් මෙහිදී අනාවරණය විය. ඒසදහා ආයෝජකයෙක් සොයා ගැනීමට මේවන විට ටෙන්ඩර් කැදවා ඇති බවත් ලබන අගෝස්තු මස සිට නියමු ව්‍යපෘතියක් ලෙස මෙය ආරම්භකරන බවත් නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන් පැවසීය.