තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙක් අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කෙරිණ.
අබලි ද්‍රව්‍ය එක්රැස් කරන ස්ථානයේ ගෑස් ලාම්පුවක් ආධාරයෙන් එහි සේවකයන් පරණ යඩක කපමින් සිට ඇති අතර එකවරම විශාල පිපිරීමක් ඇතිව තිබේ.
පිපිරීමට හේතුව නිශ්චිතවම අනාවරණය කරගෙන නොමැති අතර ගෑස් ටැංකිය පුපුරා ගියේ ද එසේ නොමැති නම් අබලි යකඩ සමඟ තිබූ යම් පුපුරන යමකින් පිපිරීම සිදුවුනේ ද යන්න පිළිබඳව අවිස්සාවේල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.