සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවේ. මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව හෙට පුර්වභාග 2.33ට අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍යකාලය අද (13) අපරභාග 8 පසු වී විනාඩි 09 සිට පසුදින පූර්වභාග 8.57 දක්වා ක්‍රියාත්මක බැවින් අද අපරභාග 8.09ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව නැකැත් චාරිත්‍රවල සඳහන් වෙයි.