මෙසේ දඬුවම් නියම වුණේ මහරගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු ටයි. 2017 වසරේ දෙසැම්බර් මස 21 වනදා පොලීස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් මහරගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමේදී මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන් අනතුරුව මත්කුඩු සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනු කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය.
ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවයි විනිසුරුවරයා නියෝග කළේ.