සොයාගෙන ඇති රත්රන් තොගය කිලෝ 26ක්. මේ සම්බන්ධයෙන් ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ නඩත්තු අංශයේ සේවකයෙක් සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව තිබේ.
කටාර්හි සිට අද උදේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණි මෙම ගුවන් මගියා, රත්රන් තොගය පිටතට රැගෙන එන ලෙස ගුවන් තොටුපල වැසිකිලියක් තුළදී, ගුවන් තොටුපල සේවකයාට ලබාදී තිබේ.
ඒ අනුව, ගුවන් තොටුපල සේවකයා රත්රන් තොගය තම ශරීරය තුළ රඳවාගෙන පැමිණෙද්දි රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. කටුනායක ගුවන් තොටුපලේදී මෙතෙක් සොයා ගැනුණු විශාලතම රත්රන් තොගය මෙය බවයි වාර්තා වන්නේ. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පදිංචි සැකකරුවන් දෙදෙනාගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බව අප වාර්තාකරු පවසයි.