“ස්පුට්නික් වී“ එන්නතේ පළමු තොගය රැගත් ගුවන් යානය අද අලුයම දිවයිනට...

මැයි 04, 2021

    රුසියාවේ නිෂ්පාදිත කොරෝනා මර්දන ස්පුට්නික් වී එන්නතේ පළමු තොගය රැගත් ගුවන් යානය අද අලුයම දිවයිනට පැමිණියේය.

    එන්නත් මාත්‍රා 15,000ක් ඊට ඇතුලත්. එන්නත් තොගය රැගත් කිවු ආර්- 688 දරණ ගුවන් යානය, කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට පැමිණියේය. අද අලුයම 2.10ට පමණ ශ්‍රී ලංකාවේ රුසියානු නියෝජ්‍ය තානාපති ඇලෙක්සි බුදනෝ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත එන්නත් තොගය සංකේතාත්මකව බාර දෙනු ලැබීය.

    ඉදිරියේදී ස්පුට්නික් වී එන්නත් මාත්‍රා මිලියන 13ක් මෙරටට ලැබීමට නියමිතයි. රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරින් හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News