ඊට මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතායි. ඇඳන් සකස් කිරීමට දිවයිනේ විවිධ ආයතන ඉදිරිපත්ව සිටියි. දඹුල්ල - ඉනාමළුව ජාතික තරුණ සේවා සභාවේ කාර්මික පුහුණුකරුවන් අවශ්‍ය ඇඳන් සකස් කිරීමේ කාර්යයේ නිරතව සිටියි. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ එම ස්ථානය නිරීක්ෂණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද ඊට එක්ව සිටියේය. ඉනාමළුව යොවුන් සේනාංක භූමියේ කොවිඩ්-19 රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා සකසා ඇති මධ්‍යස්ථානය ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
එහි එකවර රෝගීන් 130ටක ප්‍රතිකාර කිරීමේ පහසුකම් පවතින අතර එම මධ්‍යස්ථානය රෝගීන් 250ක සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබා දිය හැකි පරිදි සකස් කිරීමට නියමිතයි.