මෙවර ජාතික වෙසක් උත්සවය උතුරු පළාතේ පිහිටි ඓතිහාසික නාගදීප රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබිණි. ඒ අනුව මෙවර ජාතික වෙසක් උත්සවයේ සමරු මුද්දර සඳහා ඓතිහාසික වටිනාකමකින් යුතු උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථානවල චිත්‍ර යොදා ගෙන තිබේ.
වව්නියාව සපුමල්ගස්කඩ විහාරය, යාපනය කදුරුගොඩ විහාරය සහ වව්නියාව මඩුකන්ද දළදා විහාරයේ කේන්ද්‍ර කර ගනිමින් මුද්දර නිර්මාණ ශිල්පී පාලිත ගුණසිංහ මහතා මෙම සමරු මුද්දර නිර්මාණය කර තිබේ. රු. දහය, රු. පහළොව සහ රු. හතළිස් පහ මුදල් වටිනාකමින් යුතු මුද්දර තුනක් මෙහි දී නිකුත් විය.
මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍ය ජී. එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, බුද්ධශාසන අමාත්‍යාංශයේ අධ්යක්ෂ චම්පිකා කනේරු, තැපැල්පති රංජිත් ආරියරත්න, නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.