ඒ, ඔහුගේ යාපනය සම්බන්ධිකරණ කාර්යාලයේදී. ලයිට්කෝස්, ඩයිනමයිට් හා මාදැල් යොදා ගන්නා ට්‍රැක්ටර් ක්‍රමය මගින් මුහුදේදී ධීර සම්පත් විශාල ලෙස විනාශ වන බවට ඒ පිලිබඳ පරීක්ෂණ කළ කණ්ඩායම් තමා දැනුවත් කළ බව අමාත්‍යවරයා පැවසීය.
මේ තත්වය අඛණ්ඩව පැවතියහොත් අනාගත පරපුරට මුහුදු සම්පත් ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමනිසා ආරක්ෂක අංශ සෘජුවම මීට මැදිහත් වී සෝදිසි කිරීම් කළ යුතු බව අමාත්‍යවරයා කියා සිටියේය.
ඊට, නාවික හමුදාවේ හා වෙරළාරක්ෂක බලකායේ දායකත්වය ලබාගැනීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ජා කෙරිණ. 0217 508 055/ 0113 091 815/ 0267 769 100 යන දුරකතන අංක අමතා උතුරු මුහුදේ සිදුවන සියලු නීති විරෝධි ක්‍රියා ආරක්ෂක අංශ වෙත දැනුම් දිය හැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය.