ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දෙරටු තුනක් විවෘත කෙරේ

මැයි 25, 2021

    ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට (24) දින සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා පවසයි.

    එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සැළකිලිමත්ව සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

    ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශයට අධික වර්ෂාව ලැබිමත් සමග සෙන් ක්ලෙයාර් දිය ඇල්ලේ සහ ඩෙවොන් දිය ඇල්ලේ ජල ධාරිතාව ඉහල ගොස් ඇත.

    Latest News