පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශය යටතට

ජූනි 19, 2021

    අමාත්‍ය විමල් විරවංශ මහතා යටතේ තිබූ ලංකා පොස්පෙඩ් සමාගම අද සිට (19) තම අමාත්‍යාංශයට අයත් වන බව, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    නාවලපිටිය නගරයේ දී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා....

    ලංකා පොස්පෙඩ් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට ගැසට් කරලා තියෙනවා. ඒකට හේතුව ලෙස මම දකින්නේ ලංකා පොස්පෙඩ් සමාගම කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව යටතේ තමයි තිබුණේ පසුගිය කාලයේ.
    රජය දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන්.
    පොස්පෙඩ් නිෂ්පාදනය ඉතාමත් වටිනවා, අමාත්‍ය විමල් විරවංශ මහතා විශාල කාර්ය භාරයක් ඉටු කරලා තිබුණා.
    ඒ සියල්ලත් ගොනු කරගෙන අපේ රටේ පොස්පෙඩ් නිෂ්පාදනය කිරිමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ආරම්භ කරනවා.... යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Latest News