එන්නත්කරණය දිස්ත්‍රික්ක රැසක අඛණ්ඩව ක්‍රියාත්මකයි

ජූනි 21, 2021

    කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය දිස්ත්‍රික්ක රැසක අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    ඊයේ එන්නත් මාත්‍රා 26,453ක් ලබාදී තිබේ. මේ දක්වා ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 33න් ලක්‍ෂ 1,923ක්. කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 252කට ලබාදී තිබේ.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 2,644 කට ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාගත් පිරිසට 8,574ක් ඇතුළත්. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාදුන් පිරිස 14,983ක්. එන්නත්කරණය අදත් සාර්ථකව ක්‍රියාත්මකයි.

    Latest News