ඒ අනුව කොළඹ දිස්ත්රික්කයේ කොළොන්නාව පොලිස් බලප්රදේශයේ සේරපුර ග්රාම නිලධාරී වසමේ ශ්රී ආනන්දරාම පාර අද උදෑසන සිට හුදකලා කර තිබේ.
රත්නපුර දිස්ත්රික්කයේ ගොඩකවෙල පොලිස් බලප්රදේශයේ කොටවල ග්රාම නිලධාරී වසම ද අද උදෑසන සිට හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මේ අතර ගම්පහ දිස්ත්රික්කයේ මහබාගේ පොලිස් බලප්රදේශයේ කෙරඟපොකුණ ජෝර්ජ් පාර ග්රාම නිලධාරී වසම අද උදෑසන 06 සිට හුදකලා භාවයෙන් ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.