1986 ඔක්තෝම්බර් 27 වැනි දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට එක්වුණු නෙවිල් රන්ජන් ළමාහේවගේ මහතා අඛණ්ඩව 35 වසරක් යුද හමුදා සේවයේ නිරතවිය.
යුද්ධයේ දී දක්වන ලද විශිෂ්ට දක්ෂතා වෙනුවෙන් රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කමෙන් තුන්වතාවක් පිදුම් ලැබූ මේජර් ජෙනරාල් නෙවිල් රන්ජන් ළමාහේවගේ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ හා ගාල්ලශාන්ත ඇලවීෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු වෙනුවෙන් මෙහි දී අග්‍රාමාත්‍යතුමා නව අධ්යක්ෂ ජනරාල්තුමාට සුභ පැතුම් එක් කළේය.
මෙම අවස්ථාවට අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ යන මහත්වරු එක්ව සිටියහ.