නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ලිට්රෝ ගෑස් සමාගම හරහා ඕනෑම වර්ණයක් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ගෑස් සැපයීම සිදුකරන බවයි.
ඒ සඳහා අවශ්‍ය කරන ගෑස් තොග තම සමාගම සතුව දැනටමත් ඇති බවත් ඉදිරියේ දී අවශ්‍ය වන අමතර ධාරිතාවය ගෙන්වා ගැනීමට ඇති වෙළෙඳපොළ හැකියාව සහ සැපයුම් ජාලය තම සමාගම සතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනූව මෙරට ගෘහස්ත ගෑස් පරිභෝජනයෙන් 20%ක් පමණ වූ ප්‍රමාණයක් සපයනු ලබන ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කර ඇති නමුත්, මෙම තත්ත්වය ආවරණය කිරීම සඳහා හැකියාව ලිට්රෝ ගෑස් සමාගම සතුව තිබෙන බවයි ඔවුන් පවසන්නේ.